ලෝක කාලගුණ වෙනසේ අහිතකර බලපෑමෙන් දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාව තර්ජනයකට ලක්වන බව ජගත් සංවිධාන වාර්තාවකින් අනාවරණ කරනවා.
වාර්තාව සකසා ඇත්තේ, කාලගුණ වෙනස පිළිබද අන්තර් රාජ්ය කමිටුව මඟින්.
කාලගුණයට අදාල අවදානම් හේතුවෙන් ආසියාවේ කෘෂිකර්මාන්තය සහ ආහාර පද්ධතීන් අවදානමට ලක්වන අතර එහි දී දකුණු ආසියාවට වැඩි බලපෑමක් එල්ල වන බවයි එමඟින් පෙන්වා දී ඇත්තේ.