නොනවතින විදුලි කප්පාදුව හා තව දිගුවන තෙල් පෝලිම් (Video)
Tuesday, 01 March 2022 - 13:01 | Views - 3,016
රට තුළ පවතින ඉන්ධන අර්බුදය මේ වනවිට පොදු ප්‍රවාහන සේවාවලට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

බස් රථ ධාවනය ද සීමා කර ඇති පසුබිමක දුම්රිය එන්ජින් රියදුරුවරුන් පවසන්නේ, දුම්රිය ධාවනය සඳහා පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින
තුනකට පමණක් බවයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට පිරවුම්හල් අසල ඉතා දිගු පෝලිම් පවතින ආකාරයත් දැකගත හැකිවුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ වනවිට ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

තවමත් බොහෝ පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම පවතින ආකාරය ද දක්නට ලැබුණා.

සංචාරකයින් ප්‍රවාහනය කරන රියදුරන් පිරිසක් දිගු වේලාවක් ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදු වූ නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී සිය රථ වාහන පෝලීමේ නවතා රැය පහන් කර තිබූ ආකාරය ද වාර්තා වුණා.

ඉන්ධන හිඟයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පිරවුම්හල් අසළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද උද්ගතව ඇති ආකාරය දැකගත හැකිවුණා.

මේ අතර ඩීසල් අවසන්ව පැවති තංගල්ල මහවෙල ප්‍රදේශයේ පිරවුම්හලකට ඉන්ධන ලැබීමත් සමඟ ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතියට පත්වුණා.

පවතින ඉන්ධන හිඟය වැඩි වශයෙන් බලපෑමක් එල්ල කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවලටයි.

ඉන්ධන අර්බුදයත් සමඟ දුම්රිය ධාවනයටත් බලපෑමක් එල්ල වී ඇති අතර දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමය සඳහන් කළේ, පවතින තත්ත්වය මත දුම්රිය ධාවනය සීමා කරන ලෙස එම දෙපාර්තමේන්තුවට යෝජනාවක් ද සිදුකළ බවයි.

මේ අතර ඩීසල් හිඟය බස් රථ ධාවනයට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ලංගම මඟින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇති බවයි.

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වී ඇති බලපෑම මත ඇරඹුණු විදුලි කප්පාදුව අද (01) ක්‍රියාත්මක වන්නේ දිවා කාලයේ පමණයි.

ඒ අනුව A, P, Q, R කලාපවලට පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වාත්, B, S, T කලාපවලට පෙරවරු 11.30 සිට දහවල් 2.30 දක්වා සහ C, U,V,W කලාපවලට දහවල් 2.30 සිට සවස 5.30 දක්වා පැය තුන බැඟින් විදුලිය කප්පාදු කෙරෙනවා.

කෙසේවෙතත් රාත්‍රීයේදී විදුලි ඉල්ලුම අධික වුවහොත් තවත් පැය භාගයක කලින් සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top