
කම්මැලිකමට, හිතට කලබලයක් ඇති වුණාම එහෙමත් නැත්නම් යම් අපහසුතාවක් දැනෙන විට නහය හෑරිම ඇතැම් අය සිදු කලද නහය හෑරීම ඉතාම අශෝභන ක්‍රියාවක්. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් තුල මේ පුරුද්ද බහුලව දැකිය හැකියි. එමෙන්ම මෙය සමහර අයට එය පුරුද්දක් බවට පත්වෙලා යන්නත් පුලුවන්. නමුත් ඔබ දැනගත යුතු කරුණ නම් මේ පුරුද්ද නිසා ඔබේ පෞරුෂයට විතරක් නොවෙයි ඔබේ සෞඛ්‍යයටත් භයානක හානි විය හැකිවීමයි. ඉතින් මේ නරක පුරුද්ද නැවැත්වීමට කටයුතු කල යුතු හේතු 5ක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ.
1.නාස් කුහරයට හානි සිදුවීම
නිතර නිතර සහ බොහෝ වෙලාවක් නාසය හෑරීමෙන් ඔබේ නාසයේ පටක වලට හානි ඇතිවිමේ අවදානම වැඩි කරයි. නිතර නාසය හාරන අය බොහෝ විට නාසයේ ප්‍රදාහය තත්වයන් සහ නාසයේ පටක ඉදිමිමේ තත්වයන් වලින් පීඩා විඳියි. එමෙන්ම මේ නිසා ක්‍රමයෙන් නාස් පුඬු විවර පටු වී යාම සිදුවිය හැකි බවත් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබේ.
2.නාසයේ තුවාල ඇති විම
නාසය හෑරීම නිසා වෙස්ටිබියුලිටිස් හෙවත් nasal vestibulitis වැනි වේදනාකාරී කබල සහිත තුවාල තත්වයන් හටගත හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. එපමණක් නොව නාසය හාරන විට ඇතුලත පිහිටන කුඩා රෝම ඒවායේ කූපයෙන්ම (සියුනිකාව) ගැලවී යාම නිසා සමේ සිදුරු ආසාදනය වී කුඩා කුරුලෑ පීඩාකාරී ලෙස නාසය තුල වර්ධනය විය හැකියි.
3.නාසාවාරයට හානි වීම
නාසාවාරයට යනුවෙන් හඳුන්වන්නේ නාස්පුඬු දෙක වෙන්වෙන සේ අතර මැද පිහිටා ඇති බාධකයයි. නිතර නිතර නාසය තුලට ඇඟිල්ල දමා හෑරීමේදී මෙම කොටසට හානි ඇතිවීම සිදුවිය හැකියි. ඒ වගේම ඇතැම් විට නාසාවාරය සිදුරු වී යාම පවා සිදුවිය හැකියි.
4.ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකිවීම
ඇඟිලි වලින් නාසය හෑරීමේදී ඇඟිලි වල නියපොතු නිසා නාසය ඇතුලත රළු ලෙස සීරිමට ලක්විය හැකියි. නාසය තුල එසේ සීරිම නිසා එම තුවාල මත බැක්ටීරියා වර්ධනය වෙමින් යම් ආසාදන තත්වයක් ඇතිවිය හැකියි. කිළිටි අත් වල රෝගකාරක විෂබීජ රැඳී තිබිය හැකි නිසා බරපතල ආසාදනයන ඇතිවීමට ඉඩ ඇත. එපමණක් නොව නිතරම නාසය හෑරීම සිදුකරන පුද්ගලයින්ට නියුමෝනියාව ඇතිකරවන බැක්ටීරියාවන් සම්ප්‍රේෂණය වීමේ 5.අවදානමද ඉතා වැඩියි.
5.නාසයෙන් රුධිරය ගැලීමට ඇති ඉඩකඩ වැඩිවීම
ඔබ නාසය හාරන විට නාසය තුල ඇති රුධිර වාහිනි තුවාල විය හැකි අතර ඉන් නාසය තුවාල වී රුධිරය ගැලීමට බොහෝ ඉඩක් ඇත. මෙලෙස නාසයෙන් රුධිරය ගැලීම නිසා විවිධ ආසාත්මිකතාද ඇතිවිය හැකියි. එම නිසා මේ පුරුද්ද අදම නැවැත්වීමට කටයුතු කල යුතුයි.
( උපුටා ගැනීමකි )
50 Views
215 Views
116 Views
102 Views
83 Views
100 Views
97 Views
68 Views
144 Views
83 Views
105 Views
172 Views
202 Views
669 Views