මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ප්රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින්.
ඒ අනුව ඔක්තෝම්බර් මස 14 වන දා දක්වා කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා මෙරටට පෙට්‍රල් ආනයනය කරනු ඇති.