පවතින කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සිට මාර්තු මස 31 වන දින දක්වා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.
ජනතාවගේ දෛනික කටයුතු සිදුකිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු ඇතුළත්ව එම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පසුගිය පෙබරවාරි මස 01 වන දින සිට එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරනු ලැබුවා.
මේ අතර අද දිනයේ සිට විදෙස් රටවල සිට පූර්ණ එන්නත්කරණයට ලක්ව මෙරටට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.