ඔබව රෝගියකු බවට පත් කරන විවිධ මානසික රෝග
Tuesday, 01 March 2022 - 8:55 | Views - 533

මිනිස් සිරුර සහ චිත්තාවේග අතර පවතින සෘජු අන්තර්-සම්බන්ධතාවය මඟින් අපගේ මානසික සෞඛ්‍යයට හා කායික පැවැත්මට ද විශාල බලපෑමක් ඇති කරයි. උදාහරණයක් ලෙස කියනවා නම් ඔබේ සෘණාත්මක හැඟීම් ප්‍රකාශ කරන්න අසමත් වන විට ඒවා කායික පීඩා ස්වරූපයෙන් පරිවර්තනය වේ. තමන්ගේ සිතිවිලි හැඟීම් මුදාහරින තරමට ඒ පුද්ගලයා නීරෝගී වෙනවා කියල බටහිර විද්‍යාඥයින් පෙන්වාදී තිබෙනවා. එහෙනම් අපි බලමු ඔබව ලෙඩකරවිය හැකි එවැනි මානසික හේතු මොනවාද කියලා.
1.ස්වයං විවේචනය සහ බිය
තමන්ව අන් අය සමඟ සැසඳීම, ආත්මාභිමානය අඩුකම සහ අභ්‍යන්තරයේ ඇති භීතිකාවන් නිසා ඔබට ඔබ කෙරෙහි පහත් බවක් සහ අවතක්සේරුවක් ඇතිවන ආකාරයේ හැඟීම් සිතිවිලි ඇතිවිය හැකියි. මෙය මඟ හරවා ගැනීම සඳහා ඔබ ඔබටම සමාව දී හැකි උපරිමයෙන් හොඳ ආත්මවිශ්වාසයකින් නැවත නැවත උත්සාහයේ යෙදීමට කටයුතු කළ යුතුයි. ඔබ ඔබගෙන් අධිකව දේවල් බලාපොරොත්තු වීම මානසිකව හා කායිකව ඔබ රෝගී බවට පත්වීමට හේතු සාධක විය හැකියි.
2.විශාදය සහ කාංසාව
හෘද රෝග අවදානම ඉහළ යාමේ තත්ත්වයක් නිතර ඇතිවන මානසික අවපීඩන තත්වයන් සහ කාංසාව නිසා ඇතිවිය හැකියි. එයට හේතුව වන්නේ විශාදීය රෝග තත්වයන් නිසා හෘදය ආශ්රිත බරපතල තත්වයන් උද්ගත වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි. කාංසාව හා මනසේ කලබලකාරි ගතියක් දැනෙන සෑම විටම හෘද ස්පන්දන වේගය වැඩිවන අතර එය හෘදගැටලු වලට තුඬු දීමට බෙහෙවින් හේතු වේ.
3.ආතතිය සහ මානසික අර්බුද
ආතතිය නිසා සිරුරේ ආවේගයන් ඇතිකරවිය හැකියි. එම ආතති තත්ත්වයන් හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ අහිතකර ප්‍රතික්‍රියාවන් මතුවන අතර මෙසේ ආතතියක සිටින විට ආමාශ ප්රදාහට ලක්වීම සහ ගෑස්ට්‍රයිටීස් වැනි කායික පීඩාවන් මතුවීම සිදුවිය හැකියි. මනසේ එවැනි අර්බුදකාරී තත්වයන් හරිහැටි හඳුනානොගන්නා විට ඒවා කායික පීඩා බවට පත්වී මොලයේ අවධානය ඒ කෙරෙහි යොමුකරවීමට සිරුර උත්සාහ ගනියි.
4.භීතිය
පණු කැවිලි දද, අධික උණ සහ ඇදුම රෝග මානසික රෝග හේතුවෙන් ඇතිවිය හැකි තත්වයන් බව ඇතැම් පර්යේෂකයින් පෙන්වාදෙනවා. එමෙන්ම පැහැදිලි හේතුවක් නොමැතිව ඔබට නිතර ඇතිවන ඇතැම් ආසාත්මිකතා වලට හේතුව ඔබේ මනසේ ඇති ඇතැම් බිය තත්වයන් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මනෝසමාජයීය සාධක බලපෑම අඩුකරවීම මඟින් ඇදුම සහ චර්මදාහය රෝග ලක්ෂණ දුරුකිරීම හෝ ප්‍රතිකාර කිරීම කල හැකියි.
5.මනසින් එල්බගැනීම
බර ආශ්‍රිතව ගැටලු වැඩිවීම සඳහා සුලු සහ මනකල්පිත දේවල් කෙරෙහි එල්බගැනීම නැතිනම් සිතේ බලගැන්වෙන සිතිවිලි වල උමතුව බලපාන බව මනෝවිද්‍යාවේ සඳහන වේ. එමෙන්ම සම රැළි වැටීම, ශරිර ලක්ෂණ වල පිහිටීම ගැන තෘප්තිමත් අඩුකම ආදි දේ ගැන නිතර සිතින් වදවීම බර වැඩිවීම වැනි ගැටලු වලට හේතුවේ. එම නිසා නවශ්‍ය ලෙස දේවල් කෙරෙහි සිතෙන් එල්බ නොගෙන ඔබේ ශරීර සෞඛ්‍යය ගැන මනා සැලකිල්ලක් යොමුකිරීම වැදගත් වේ.
(උපුටා ගැනීමකි )
Share This Article