රාජකාරි වේලාව ගෙවා ගැනීම ඔබටත් ප්‍රශ්නයක් ද ?
Saturday, 26 February 2022 - 16:28 | Views - 733

යම් දෙයක් කරන්න තියෙන උනන්දුව, පෙළඹවීම, උද්‍යෝගය සහ ධෛර්‍යය අභිප්‍රේරණය එහෙමත් නැත්නම් වැඩ කිරීමට පෙළඹවීම කියලා කියනවා. වැඩ කිරීමට අභිප්‍රේරණයක් නැතිවුනහම වැඩ කරගන්න හරි අමාරුයි. කරන වැඩක ඵලදායිතාවය අඩුයි වගේම කාර්‍යක්‍ෂමතාවයත් අඩුයි. එහෙමත් නැත්නම් අපි වැඩක් කරන්නේ කරන්න ඕන නිසා හෝ නොකර ඉන්න බැරි කමටයි. නමුත් එදිනෙදා ජීවිතේදී පුළුවන් තරම් ප්‍රශස්ත උද්‍යෝගයකින්, පෙළඹවීමකින් ඉන්න ඕන නිසා අභිප්‍රේරණයක් ඕන වෙනවා. ඉතින් අද අපි හිතුවා මේ අභිප්‍රේරණය නැති වෙන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන කියන්න.

1.සුබවාදී ආකල්ප ඇති මිනිස්සුන් ආශ්‍රය කිරීම

මෝටිවේෂන් එක එහෙමත් නැත්නම් අභිප්‍රේරණය නැති කරන්න පුළුවන් ප්‍රබලම කාරණයක් තමයි සෘණාත්මක, අසුබවාදී ආකල්ප සහිත මිනිස්සු තමන් අවට තියාගෙන හිඳීම. ඒ වගේ මිනිස්සු මෝටිවේෂන් එකක් තියෙන මිනිස්සුන්ටත් ඒක නැති කරන සෘණාත්මක බලපෑමක් සිද්ධ කරනවා. ඒ වගේම සමහර අරමුණක්, උද්‍යෝගයක්, පෙළඹවීමක් නැති අපේ වටේ ඉන්න අය දැන දැනම අපේ තියෙන මෝටිවේෂන් එකත් නැති කරන්න උත්සාහ කරනවා​. ඒ වගේ අයව අතේ දුරින් තියාගන්න ඕන​.

2.තමන් තුළ ධනාත්මක අදහස් නොමැතිවීම​

මොන දේ සිද්ද වුනත් තමන් ගේ අධිෂ්ඨානය, ධෛර්‍යය වෙනස් වෙන්නේ නැති පුද්ගලයන් අපි අතර ඉන්නවා. හැබැයි එහෙම අය බහුතරයක් නැහැ. ඉතින් ඔයාට ධනාත්මක අදහස් නැත්නම් ධනාත්මකව හිතන, උද්‍යෝගයෙන් වැඩ කරන සහ මෝටිවේෂන් එක තියෙන මිනිස්සුන්ව ඇසුරු කරන්න. ඔවුන් ආශ්‍රය කිරීම තුළින් ඒ අයගේ ධනාත්මක අදහස් අපිටත් ප්‍රේරණය වෙනවා.

3.පැහැදිලි ඉලක්කයක් නොමැතිවීම​

පුංචි කාලේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගගනගාමියෙක් වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හීන තබ්බට ඒවා පැහැදිලි ඉලක්ක නෙවෙයි. පොඩි කාලේ එහෙම හීන තිබ්බට වැඩිහිටි කාලෙදිත් තමන්ට පැහැදිලි ඉලක්ක නැති නම් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා පැහැදිලි, ලඟ ඉලක්ක හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න​.

4.පරාජයන්ට බිය වීම​

අපි යම් දෙයක් මහන්සි වෙලා කරන්නේ හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. නමුත් සමහර වෙලාවට අපි හිතන විදියට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. එතකොට  තවත් මහන්සි වුනත් ඔච්චර තමයි නේද කියලා හිතලා අපේ තිබ්බ අභිප්‍රේරණය නැතිවෙලා යනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි සාර්ථක වෙන්න කලින් අසාර්ථක වීම් ගණනාවකට මුහුණ දෙන්න ඕන කියන එක. වැටි වැටී වුනත් නැගිටින්න ධෛර්‍යය තියෙන මනුස්සයෙක්ට තමයි ඉස්සරහටම යන්න පුළුවන්.

5.අන් අය සමඟ තමන්ව සංසන්දනය කිරීම

නිවුන්නු වෙලා ඉපදුනත් ඒ දෙන්නට කවදාවත් එකම විදියට ජීවිතේ ගෙනියන්න බැහැ. ඒ දෙන්නගේ ජීවිතේ දේවල් සිද්ධ වෙන එකම වෙන්නෙත් නෑ. ඒ නිසා කවදාවත් තමන්ව අනික් අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට අනික් අයත් එක්ක අපිව සංසන්දනය කරන්නේ බොහොම භෞතික දේවල් එක්කයි. එහෙම බලලා අනික් අය අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතලා පි අධෛර්‍යමත් වෙනවා. නමුත් අපි හිතන්න ඕන අපේ ශක්තියෙන් අපේ ඉලක්ක වලට යන්න විතරයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top