නව සුරා බදු බලපත්ර ක්රමයක්
Saturday, 26 February 2022 - 14:05 | Views - 678
සංචාරකයන් සඳහා ආහාර පාන හා නවාතැන් සපයන ආපනශාලා, හෝටල් හා ආගන්තුක නිවාස සඳහා සංචාරකයන්ට මෘදු මත්පැන් එනම්, බීර හා වයින් විකිණීම සඳහා සුරාබදු බලපත්ර ලබාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අදාළ ව සුරාබදු කොමසාරිස්වරයාගේ ප්රධානත්වයෙන් ඊයේ ඇල්ල ප්රදේශයේ දී විශේෂ රැස්වීමක් ද පැවති බව යි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම නව ක්රමවේදය මගින් දැනටමත් බලපත්ර රහිත ව සංචාරකයන් සඳහා මත්පැන් අලෙවි කරන ආයතන නීතිමය රාමුවට ඇතුළත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇති.
Share This Article