එන්නත්කරණය ගැන ජනපතිගෙන් ප්රකාශයක්
Saturday, 26 February 2022 - 13:16 | Views - 4,780
කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවීමට ගිය විනාශකාරි තත්ත්වය එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරිමට හැකි වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රකාශ කළා.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල කේන්ද්රගනිමින් විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැති සර්ව එන්නත්කරණය කඩිනම් කිරිම සම්බන්ධයෙන් වු ඉහළ පෙළේ විවාදය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
මේ අතර රන් බිම ඔප්පු ලක්ෂයක් ප්රදානය කිරිමේ ජාතික වැඩසටහන ඇඹිලිපිටිය මහවැලි ක්රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රමාත්ය මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන්.
Share This Article