කිව් උමං දුම්රිය ස්ථානයේ දී දරු ප්‍රසූතියක්
Saturday, 26 February 2022 - 8:59 | Views - 842
රුසියානු හමුදා ඉදිරි පැය කිහිපය තුළ කියෆ් අගනුවර මධ්‍යයට කඩාවදිනු ඇතැයි යුක්රේන ජනාධිපති වොල්ඩොමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

යුක්රේන අගනුවර වටලා සිටින රුසියානු හමුදා ඉදිරි පැය කිහිපය තුළ නගර මධ්‍යයට කඩාවදිනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ වීඩියෝ පටයක් නිකුත් කරමින්.

රැය කොතෙක් දුෂ්කර වුවත්, ඉර උදාව නියත බවයි ඔහු සඳහන් කළේ.

එහි දී සතුරා විසින් යුක්රේන ප්‍රතිරෝධය මැඩලීමට උත්සාහ දරනු ඇති බව පැවසූ ජනාධිපති සෙලෙන්ස්කි, යුක්රේනය ලබාගත් නිදහස රැකගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

සාම සාකච්ඡා සඳහා යුක්රේනය දොරටු වසා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ, ලේ වැගිරීමක් වැළැක්වීම තම ඉලක්කය බවයි.

කෙසේ නමුත් යුක්රේන පාලකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ නාසිවාදීන් ලෙස හැඳින්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ගේ පාලනය පෙරළා දමන ලෙස යුක්රේන හමුදාවෙන් ඉල්ලා සිටියා.

එහෙත් රුසියානු නායකයාගේ ප්‍රලාප ලෝකය විශ්වාස නො කරන බවයි ජනාධිපති යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ.

මේ අතර කියෆ් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුර රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර, එහි සිට අගනගරයට කඩාවැදීම දුෂ්කර නො වන බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

කියෆ් නගරාධිපති හිටපු හෙවිවේට් බොක්සිං ශූර විටාලි ක්ලිට්ස්ච්කෝ කියා සිටියේ, දුෂ්කර සමයක් ඉදිරියේ එළඹෙනු ඇති බවයි.

මේ අතර රුසියාවට අයත් විශාල ගුවන් යානයක් තමන් බිම හෙලූ බව යුක්රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා සඳහන් කළා.

කෙසේ නමුත් ඉලියුෂින් හැත්තෑ හය වර්ගයේ මෙම ගුවන් යානය බිම හෙලීමේ පුවත මෙතෙක් සනාථ වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, රුසියානු ප්‍රහාර මධ්‍යයේ කියෆ් උමං දුම්රිය ස්ථානයේ රැකවරණ ලබමින් සිටින ගර්භනී මවක් ඊයේ එහි දරු ප්‍රසූතියක් සිදු කර ඇති බව ද වාර්තා වනවා.

උමං දුම්රිය ස්ථානයේ නවතා ඇති දුම්රිය, ජනතාවට රැකවරණ ලැබීම සඳහා විවෘතව පවතින බව සඳහන්.

එහි යුක්රේන කාන්තාවක් දරුවෙකු බිහිකිරිමේ පුවත ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top