ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දුරකථන ඇමතුමක් ලබා දී රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳව විමසීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් අගමැති මෝදි අමතා අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස කළ ඉල්ලීමකින් අනතුරුවයි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයේ ගැටුම් වහා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.
සියලු පාර්ශවයන් සාකච්ඡා මාර්ගයට පිවිසීම වැදගත්. රුසියාව සහ නේටෝ සංවිධානය සිය ගැටලු රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව අගමැති මෝදි පවසා තිබෙනවා.
කෙසේ නමුත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය දැන් දෙවන දිනටත් එළඹ ඇති අතර, මිලියන තුනක් වෙසෙන යුක්රේනයේ කියෆ් අගනුවරට මිසයිල ප්‍රහාර අඛණ්ඩව එල්ලවන බව සඳහන්.
ජනාධිපති සෙලෙන්ස්කි තවදුරටත් අගනගරයේ රැඳී සිටින අතර, ඔහු කියා සිටියේ යුක්රේනය දේශපාලනමය වශයෙන් විනාශ කිරීම රුසියානු අක්රමණයේ අරමුණ බවයි.