අගමැති මෝදිගෙන් ජනපති පුටින්ට ඇමතුමක්
Friday, 25 February 2022 - 10:38 | Views - 898
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දුරකථන ඇමතුමක් ලබා දී රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳව විමසීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් අගමැති මෝදි අමතා අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස කළ ඉල්ලීමකින් අනතුරුවයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයේ ගැටුම් වහා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

සියලු පාර්ශවයන් සාකච්ඡා මාර්ගයට පිවිසීම වැදගත්. රුසියාව සහ නේටෝ සංවිධානය සිය ගැටලු රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව අගමැති මෝදි පවසා තිබෙනවා.

කෙසේ නමුත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය දැන් දෙවන දිනටත් එළඹ ඇති අතර, මිලියන තුනක් වෙසෙන යුක්රේනයේ කියෆ් අගනුවරට මිසයිල ප්‍රහාර අඛණ්ඩව එල්ලවන බව සඳහන්.

ජනාධිපති සෙලෙන්ස්කි තවදුරටත් අගනගරයේ රැඳී සිටින අතර, ඔහු කියා සිටියේ යුක්රේනය දේශපාලනමය වශයෙන් විනාශ කිරීම රුසියානු අක්‍රමණයේ අරමුණ බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top