"මිනිසුන්ට ඇති ලොකු ම බිය වන්නේ විදුලිය නැතිවීම සහ ඉන්ටර්නෙට් ක්‍රියා නොකිරීමයි - එහෙම වුණොත් අපි ඇත්තට ම හුදකලා වනු ඇත."
යුක්රේනයේ වත්මන් තත්ත්වය සහ සිය අත්දැකීම සම්බන්ධයෙන් බී.බී.සී. යුක්රේන සේවයේ සංස්කාරක මාර්තා ෂෝකාලෝ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඇය සඳහන් කරන්නේ, ආක්‍රමණයක් සිදු කරන බවට නිවේදනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශය පිළිබඳව සිය සගයෙකුගෙන් පණිවිඩයක් ලැබුණු අවස්ථාවේ සිට තමන් රාත්‍රියේ අවදියෙන් සිටි බව ය.
එම පණිවිඩය ලද සැණින් තමන්ට පිපිරුම් හඬවල් ඇසුණු බවත් නගරයේ විවිධ ප්‍රදේශවල මිනිසුන් ඔවුන් අසල පිපිරීම් සිදු වන බවට සිය වට්ස්ඇප් සමූහයට පණිවිඩ එවූ බව ත් ඇය සඳහන් කළා ය.
රටේ නැගෙනහිර ප්‍රදේශය නොව, අගනුවර වන කියෙව් නගරය ප්‍රහාරයට ලක්ව ඇති බව වටහා ගැනීම විශාල කම්පනයක් වූ බව ඇය පැවසුවා ය.
"යුක්රේනයේ තවදුරටත් ආරක්ෂිත ස්ථානයක් නොමැත. මෙහි සාමාන්‍ය මිනිසුන්ට ඇති ලොකු ම බිය වන්නේ විදුලිය නැතිවීම සහ ඉන්ටර්නෙට් ක්‍රියා නොකිරීමයි. එහෙම වුණොත් අපි ඇත්තට ම හුදකලා වනු ඇත."
ඇය වැඩිදුරට ත් සඳහන් කළේ, මුළු රට ම ප්‍රහාරයට ලක්ව ඇති බව දැන් තමන් දන්නා හෙයින් ජීවිතය පිළිබඳ මහත් භීතියක් ඇති වී තිබෙන බව ය.