රුසියාවට යුක්රේන ජනපතිගෙන් සැර ප්රකාශයක් !
Thursday, 24 February 2022 - 10:37 | Views - 434
යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියාව සිය රටට ප්රහාරයක් එල්ල කළහොත් තමන් ද ඊට ප්රතිචාර දක්වන බවයි.
ඔහු කියා සිටියේ මෙය ලෝක යුද්ධයක මුල බවයි.
මේ වන විට යුක්රේන දේශසීමාව ආසන්නයේ ලක්ෂ දෙකක රුසියානු භට පිරිසක් සහ යුද උපකරණ ස්ථාන ගතකර ඇති බවට යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා.
එමෙන්ම එංගලන්තය සහ ඇමරිකාව යුදමය වශයෙන් යුක්රේන රජයට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ (23) රැස් වුණා.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉල්ලා සිටියේ සටන් විරාමයකට ගමන් කරන ලෙසටයි.
Share This Article