ඉන්ධන හිඟයක් ඇති වුවහොත් - ගමනාගමනය සිදුවන්නේ මෙහෙමයි
Thursday, 24 February 2022 - 10:02 | Views - 896
රට තුළ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කරමින් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.
මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකදී මේ පිළිබඳ අවධානය යොමු වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.
මේ වන විට දින 2කට ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article