ඊයේ දිනයට වැඩියෙන් - අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Thursday, 24 February 2022 - 7:05 | Views - 1,937
අද (24) දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.ඒ අනුව A,B සහ C කලාපවලට පැය 4ක් සහ විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර අනෙක් කලාපවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 4යි විනාඩි 30ක කාලයක්.ඊයේ විදුලි කප්පාදුව සිදු කෙරුණු ආකාරයෙන්ම කලාප තුනකට පැය 4යි විනාඩි 40ක කාලයක් සහ සෙසු කලාප සඳහා පැය 4යි විනාඩි 30 කාලයක් වශයෙන් විදුලිය සැපයුම අත්හිටවනු ඇති.දිවයින පුරා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ AB සහ C කලාපවලට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය දෙකයි විදුලි 40ක් බැගින් සහ යළිත් එම කලාප තුනට සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙක බැගින්.සෙසු කලාප 8 සඳහාද පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය දෙක බැගින් සහ යළිත් සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය දෙකයි විනාඩි 30ක් බැගින් විදුලි කප්පාදුව ක්‍රියාත්මකව තිබුණා.විදුලි විසන්ධි කෙරෙන කාලසටහන මෙතැනින්
Share This Article