නිරෝගී පුද්ගලයින්ට විශේෂ පණිවුඩයක් (Video)
Tuesday, 22 February 2022 - 12:31 | Views - 406

රෝගීන්ට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මියයන පුද්ගලයන් ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට සහ 30 ට වැඩි පුද්ගලයන් වන අතර , වයස අවුරුදු 30 අඩු මරණ පවතින්නේ ඉතාමත් අවම මට්ටමක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගෙන් බොහෝ පිරිසක් නිදන්ගත රෝගවලින් පෙලෙන සහ දීර්ඝකාලීන ප්‍රතිශක්තිය හීන වන ඖෂධ ලබාගන්නා රෝග තිබෙන පුද්ගලයින් වන අතර එහෙයින් ඔවුන් නිවසේ ආරක්ෂාකාරීව සිටිය ද නිරෝගී පුද්ගලයන් හරහා ඔවුන්ට මෙම රෝගය වැළඳී මිය යාමට හේතුවක් විය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නිරෝගී අය සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර තුන්වැනි මාත්‍රාව ලබා ගත යුතුයි. මෙම ක්‍රම අනුගමනය කරන්නේ නම් අන් අයට රෝගය බෝවීමේ හැකියාව අවම කරගත හැති අතර එමගින් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවන බවද ඔහු සඳහන් කළා.
සමහර රටවල් අත්හදාබැලීමක් ලෙස හා සමාජ ආර්ථික ක්‍රියාවලිය මත මෙම omicron ප්‍රභේදය අවසාන භාගයේ සංචරණ සීමා ලිහිල් කිරීම් සිදු කළ නමුත් එමගින් දියුණු යැයි සැලකෙන බොහෝ රටවල නැවතත් රෝගීන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව වැඩි වී තිබෙනවා.
අපට එවැනි අවසානයක් මේ මොහොතේ දකින්නට නොමැති වුවද නුදුරේම එවැනි අවසානයක් බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.
Share This Article