ජේෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චිගේ අවසන් කටයුතු හෙට
Tuesday, 22 February 2022 - 8:52 | Views - 287
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සිංහල අංශයේ වැඩබලන විධායක අධ්යක්ෂ සහ පැමිණිලි නිලධාරි ලෙස සේවය කල කමල් ලියනාරච්චි හදිසියේ අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.
යුක්තිය පුවත් පතේ දේශපාලන වාර්තාකරුවෙකු ලෙස අනුව දශකයේ පුවත්පත් කලාවට පිවිසි ඔහු කොලඹ තස්ටන් විදුහලෙන් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපානය හදාරා තිබෙනවා.
ලක්බිම පුවත්පතේ ආරම්භක මාධ්‍ය වේදියෙකු වූ ඔහු ඉන් ඉවත් වනවිට එහි නියෝජ්‍ය ප්‍රවෘති කර්තෘ ධූරය දරනු ලැබුවා.
වයස අවුරුදු 53 ක් වූ ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා.
මාධ්‍යවේදිනි කමනි හෙට්ටිආරචි සමඟ විවාහ වී සිටි කමල් ලියනාරච්චි ජනමාධ්‍ය විෂය ඉගෙනගන්නා සිසුන් විශාල පිරිසකට මාධ්‍ය ගැන දේශන පැවැත්වූ දේශකයෙකුද වනවා.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම නියෝජනය කරමින් දෙස් විදේස් මාධ්‍ය වැඩ මුළු වලට සහභාගී ඇති කමල් ලියනාරච්චි ප්‍රදේශිය ජනමාධ්‍ය කරුවන් සඳහා ද බොහෝ වැඩමුළු සංවිධානය කල පුරෝගාමියෙක් වෙනවා.
අංක 117 පාලයන්ගොඩ කළුතර ලිපනය අයත් ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති දේහය පිලිබඳ අවසන් කටයුතු එළබෙන බදාදා එනම් (හෙට ) (23) සවස සිදු කිරීමට නියමිතයි.
Share This Article