ජේෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චිගේ අවසන් කටයුතු හෙට
Tuesday, 22 February 2022 - 8:52 | Views - 288
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සිංහල අංශයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ සහ පැමිණිලි නිලධාරි ලෙස සේවය කල කමල් ලියනාරච්චි හදිසියේ අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

යුක්තිය පුවත් පතේ දේශපාලන වාර්තාකරුවෙකු ලෙස අනුව දශකයේ පුවත්පත් කලාවට පිවිසි ඔහු කොලඹ තස්ටන් විදුහලෙන් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපානය හදාරා තිබෙනවා.

ලක්බිම පුවත්පතේ ආරම්භක මාධ්‍ය වේදියෙකු වූ ඔහු ඉන් ඉවත් වනවිට එහි නියෝජ්‍ය ප්‍රවෘති කර්තෘ ධූරය දරනු ලැබුවා.

වයස අවුරුදු 53 ක් වූ ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

මාධ්‍යවේදිනි කමනි හෙට්ටිආරචි සමඟ විවාහ වී සිටි කමල් ලියනාරච්චි ජනමාධ්‍ය විෂය ඉගෙනගන්නා සිසුන් විශාල පිරිසකට මාධ්‍ය ගැන දේශන පැවැත්වූ දේශකයෙකුද වනවා.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම නියෝජනය කරමින් දෙස් විදේස් මාධ්‍ය වැඩ මුළු වලට සහභාගී ඇති කමල් ලියනාරච්චි ප්‍රදේශිය ජනමාධ්‍ය කරුවන් සඳහා ද බොහෝ වැඩමුළු සංවිධානය කල පුරෝගාමියෙක් වෙනවා.

අංක 117 පාලයන්ගොඩ කළුතර ලිපනය අයත් ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති දේහය පිලිබඳ අවසන් කටයුතු එළබෙන බදාදා එනම් (හෙට ) (23) සවස සිදු කිරීමට නියමිතයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top