විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවක් අද
Tuesday, 22 February 2022 - 8:12 | Views - 366

රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුමක් සෙවීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි ඊයේ (21) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය වී ඇත්තේ.
අද පැවැත්වෙන විශේෂ අමාත්‍ය මණ්ඩල හමුව සඳහා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් එක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මීට අමතරව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ද අද පැවැත්වීමට නියමිත විශේෂ අමාත්‍ය මණ්ඩල හමුව සඳහා එක්වනු ඇති.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ ද ඩොලර් අර්බුදයත් සමග ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
එහිදී විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කර ඇත්තේ කොළඹ වරායට පැමිණ ඇති ඩීසල් මෙටි්රක් ටොන් 40,000කින් යුත් ඉන්ධන නැව ඩොලර් ගෙවා නිදහස් කර නොගතහොත් රට තුළ ඩීසල් අර්බුදයක් මතු විය හැකි බවයි.
මීට අමතරව තවත් අමාත්‍යවරුන් ගණනාවක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
Share This Article