රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසන්නේ, මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන් ම අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බව යි.
ඊට අමතරව දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට කෙරෙන කැඳවීම් වෙනුවට හැකි සෑම අවස්ථාවකදී ම zoom ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද උපදෙස් දී තිබේ.
තව ද, අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් රජයේ වාහනවලට ඉන්ධන භාවිත කරන ලෙස ද, නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.