අදත් වැසි
Tuesday, 22 February 2022 - 7:07 | Views - 884
ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article