ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය සුවෙන්
Monday, 21 February 2022 - 13:56 | Views - 889
ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය පසුගිය දිනයන්හි අසනීප තත්වයෙන් පසු වුවද දැනට සුව අතට පත්වෙමින් පවතින බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් අද උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ගැන පැවසෙන පුවත අසත්‍ය බවයි අප සිදු කළ විමසීමකදී පවුලේ හිතවතෙකු සඳහන් කළේ.
එසේ හෙයින් මෙලෙස ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයෙන් සංසරණය වීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.
අපි ඔහුට නීරෝගී සුව ප්‍රාර්ථනා කරමු.
Share This Article