සුපිරි තරුවත් ආසාදිත ගොඩට
Monday, 21 February 2022 - 11:39 | Views - 446

ලෝක ප්‍රසිද්ධ තාරුණ්‍යයේ ගායකයෙකු වන ජස්ටින් බීබර් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
පසුගිය සෙනසුරාදා (19) වැනි දින සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ.
හොලිවුඩ් සංගීත ක්ෂේත්රයේ ඉතාමත්ම කඩවසම් ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ ආකර්ෂණයට නතු ව ඇති බීබර්, ඊයේ (20) අමරිකාවේ වේගාස් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් ද කල් දැමීමට සිදු ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ වනවිට ඔහු පූර්ණ නිරෝධායන ක්‍රියාවලියට යොමු වෙමින් ප්‍රතිකාර ලබන අතර, පසුගිය සතියේ දී ඔහු සිය ප්‍රසංග කිහිපයකට ද සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.
ජස්ටින් බීබර්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බව ද වාර්තා වනවා.
ඔහුගේ දින සටහනේ සිය රසිකයින් වෙනුවෙන් වෙන්ව ඇති ඉඩකඩ ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හෙට (22) ග්ලැන්ඩලේ (Glendale), 24 වැනි දින ලොස් ඇන්ජලීස් නුවර (Los Angeles), ටකෝමා (Tacoma), ශාන්ත ජෝස් (San Jose, CA) ආදී ස්ථානවල ප්‍රසංග ගණනාවක් ද සංවිධානය කර ඇති පසුබිමක දී බීබර් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
27 වියෙහි පසුවන බීබර් කැනේඩියානු ජාතිකයෙක්.
Share This Article