ස්වයං නිරෝධායනය අවසන් කෙරෙන රට
Monday, 21 February 2022 - 11:16 | Views - 708
කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ද නිදහසේ පොදු ස්ථානවලට ඇතුලුවීමට අවසර ලබාදෙමින් ස්වයං නිරෝධායනය අවසන් කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යය රජය නිවේදනය කළා.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ ඉදිරි සතියේ සිට එම පියවර ගැනීමට සූදානම් බවයි. ඒ අනුව ස්වයං නිරෝධායනය අවසන් කරන ප්‍රථම ප්‍රධාන යුරෝපීය රට බවට බ්‍රිතාන්‍යය පත්වනු ඇති.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වෛරසය එක්වර අතුරුදන් වේයැයි අපේක්ෂා කළ නොහැකි අතර, ඒ සමඟ ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවයි.
එහිදී ස්වයං ආරක්ෂාව සළසා ගත යුතු අතර, නිදහසට සීමාවන් පැනවීමකින් තොරව එය සිදුකළ යුතු බව ඔහුගේ අදහසයි.
Share This Article