මහ බැංකුව රාජ්‍ය බැංකු අමතයි
Monday, 21 February 2022 - 9:55 | Views - 384

නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පසුගිය කාල සීමාව තුළ ලබාදුන් ණයවලින් සැළකිය යුතු ප්‍රතිශතයක් නැවත පියවා නො තිබීමත්, තෙල් සංස්ථාව තුළ පවතින මූල්‍ය තත්වයත් සැළකිල්ලට ගනිමින් මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.
හිරු ප්රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ, රාජ්‍ය බැංකුවල ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මෙම උපදෙස් නිකුත් කළ බවයි.
තෙල් සංස්ථාව මෙන්ම පාඩු ලබන වෙනත් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්ද ඉහත ක්‍රමවේදය අනුගමනය කරන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදුන් බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන සඳහා පනවා ඇති බදු සහනය ඉවත් නො කළ හොත් යළිත් ඉන්ධන මිල වැඩිවීම අනිවාර්ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසනවා.
හංවැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ බදු සහනය ලබා නො දුන හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52කිනුත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කිනුත් වැඩිවන බවයි.
Share This Article