අද පැයක ට - රටම අඳුර ට
Monday, 21 February 2022 - 8:18 | Views - 515
අද දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

එමෙන්ම, දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙරවරු 8.30 සිට 11.30 අතරත්, පස්වරු 1.30 සිට 4.30 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු නො කරන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බවයි.

නැප්තා නො ලැබුණ හොත් කැළණිතිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරයේ කටයුතු අද රාත්‍රී 7.30 සිට නවතා දැමීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි ඉංජිනේරුවන් පවසන්නේ, මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 165ක විදුලි ධාරිතාවක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර, රාජ්‍ය ආයතනවල විදුලිය හා ඉන්ධන අරපරිස්සමින් භාවිත කිරීමට අදාළ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අද නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ කාර්යාලයීය රාජකාරී වේලාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද ජාතික කම්කරු උපදේශක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත යි.

පස්වරු 2ට කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම උපදේශක සභාව සඳහා පෞද්ගලික අංශයේ හාම්පුතුන් ද සහභාගි වන අතර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථ වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණ බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top