හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්
Friday, 18 February 2022 - 12:05 | Views - 349
පාස්කු ප්‍රහාරය පිළිබඳ නඟා තිබූ සියලු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළා.

ඒ එම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දී.

එහි දී හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඟා තිබූ ප්‍රධාන චෝදනාවක් වූයේ, විස්සයි දහ නවය අප්‍රේල් විස් එක් වැනි දින කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ සංචාරක හෝටල ඉලක්ක කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීම යි.

කෙසේ වෙතත් එම චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු කිරීමට නො හැකි වීම හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බව යි ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රකාශ කළේ.

මේ අතර පාස්කු නඩුවට අදාල නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ද නිදහස් වී තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top