වෛද්‍ය අංශයෙන් - විශේෂ පණිවිඩයක්
Friday, 18 February 2022 - 11:21 | Views - 686
තමන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසට වී සිටීමත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

බොහෝ රෝගින් මේ වන විට සමාජය තුළ හඳුනාගත නො හැකි මට්ටමේ රෝගී ලක්ෂණ නො පෙන්වන අය බව යි ඔහු සඳහන් කරන්නේ.

ඔවුන් හරහා සංකූලතා සහ අධි අවදානම් සහිත පිලිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය මිය යාමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔහු අවධාරණය කළා.

හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවට දැනුම් දෙනවා.

එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 30 පසු අවසන් කරන බවට තවම තීරණය කර නො තිබුණත් සෞඛ්‍ය අංශවලට තවදුරටත් මෙය අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට සමාජයේ පවතින ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝගය පිළිබඳ යම් බියක් ඇති නම් පරීක්ෂාවක් සිදු කර තහවුරු කරගන්නා ලෙසත් එය නො සලකා හැර සෞඛ්‍ය පුරුදු අතහැර කටයුතු කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් අවසාන වශයෙන් අවධාරණය කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top