පෞද්ගලික අංශයෙන් ජාතික පද්ධතියට විදුලිය
Friday, 18 February 2022 - 11:13 | Views - 387
ඉදිරි දින කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මෙගවොට් 300ක පමණ ධාරිතාවක් ලබාගැනීමට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින්වර හිඟවීම හේතුවෙන් මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දිනවල දැඩි බලපෑමක් එල්ල වුණා.

එවන් පසුබිමක් තුළ ඉදිරි විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා මාස 03ක කාලයක් තුළ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලය උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියා.

එහෙත්, ඊට අවසර හිමිවූයේ නැහැ.

කෙසේ වෙතත්, මේ වනවිටත් බලාගාර කිහිපයක් අක්‍රීයව පවතිනවා.

මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස, සොජිට්ස් යන බලාගාර මෙලෙස ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අර්බුදයට ලක්ව තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබිය දී තෙල් සංස්ථාවෙන් ඉන්ධන නො ලැබෙන පසුබිමක විදුලිබල මණ්ඩලය තීරණය කළේ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඍජුව ලබාගැනීමට යි.

කෙසේ වෙතත්, ආණ්ඩුව නියෝජනය කරන ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලින් එම තීරණයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මේ අතර, ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි කතාබහක්.

ඉන්දීය ඔයිල් සමාගම පසුගිය දා පෙට්රල් සහ ඩීසල් මිල ඉහළ දැමුවද තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ ඔවුන් මිල ඉහළ නො දමන බවටයි.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් සංස්ථාව දෛනික ව ලබන අලාභය ඉහළ යෑමත් සමඟ එය තවදුරටත් දරාගත නො හැකි බැවින් කඩිනම් මිල ඉහළ නැංවීමක් ඉල්ලා මේ වනවිටත් බලශක්ති අමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ, තෙල් සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල බවට එය පත්වනු ඇති බවයි.

මුදල් අමාත්‍යාංශය සමඟ පාරිභෝගිකයාට අවම පීඩනයක් ඇතිවන පරිදි මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියා.

අමාත්‍ය උදය ගම්මන්පිල විසින් අද දිනයේ දී ඊට අදාළව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top