හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් සී.සී.ටී.වී. කැමරා විශ්ලේෂණය සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව විශේෂයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස සහ අවට නිවාසවල සතියක පමණ කාලයක සී.සී.ටී.වී. දර්ශන මෙලෙස විශ්ලේෂණය කිරීම ආරම්භ කරන බවයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට හිරු මාධ්‍ය ජාලය තීරණය කළා.
ඒ අනුව ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් සම්බන්ධයෙන් හෝ අදාළ මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකතන අංක 0770 322 821 ඔස්සේ හිරු සී.අයි.ඒ. වෙත දැනුම්දිය හැකියි.
එලෙස තොරතුරු ලබා දෙන ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවට ද අප සහතික වනවා.
එමෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සී.සී.ටී.වී. දර්ශන 86ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
පළාගිය රථය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දෙහිවල සරණංකර මාවත දක්වා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය සඳහන් කළේ.