ප්‍රහාරයෙන් පසු චමුදිත පළමුවරට සියල්ල හෙළි කරයි (Video)
Tuesday, 15 February 2022 - 18:00 | Views - 1,618
ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට ඊයේ අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට ඊයේ අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඊයේ සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් සුදු පැහැති වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මාධ්‍යවේදී චමුදිතගේ නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව නොදත් කරුණු තව දුරටත් දැන ගැනීමට හිරු ඔහුත් සමඟ කළ සාකච්ඡාව පහතින් නරඹන්න......
Share This Article