අද විදුලිය කැපෙනවා ද ? අලුත් ම ආරංචිය මෙන්න
Tuesday, 15 February 2022 - 17:17 | Views - 498
ඉදිරි මාස තුනේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා අවසර ලබා නො දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.
එහි සභාපති ජනක රත්නායක කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගිය දා අවසර ඉල්ලා තිබුණා.
ඒ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරා දා දෙපාර්ශවය රැස් වී සාකච්ඡාවක් ද සිදු කළ අතර, ඉන් අනතුරුව යි එහි දී ගත් තීරණ මෙලෙස එහි සභාපති ජනක රත්නායක පැහැදිලි කළේ.
Share This Article