හෙටින් නවතින වර්ජනය (Video)
Tuesday, 15 February 2022 - 17:00 | Views - 684
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ සන්ධ්‍යාවේ පැවැත්වූ සාකච්ඡාවේ වාර්තා සටහන් මේ වන විට තමන් වෙත ලැබී ඇති බැවින් සිය වර්ජනය හෙට පෙරවරු 8 සිට තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
එම සම්මේලයේ කැදවුම්කරු රවී කුමුදේශ් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ, දින 14ක කාලයක් සඳහා මෙලෙස වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි.
අද 9 වන දිනටත් වර්ජනය ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන්, රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව පීඩාවට පත්වුණා.
Share This Article