බන්දුලගේ අලුත් ම සහනය - ආපසු පාරිභෝගිකයා අතටත් මුදලක්
Tuesday, 15 February 2022 - 11:37 | Views - 398
පරිසර හිතකාමි ජල බෝතල් ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සතොස පානිය ජල බෝතලයක් මිල දී ගෙන පානය කර අවසන් වී නැවත සතොස ට භාරදුන් විට රුපියල් 10ක මුදලක් පාරිභෝගිකයාට ගෙවීමක් සිදුකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව පානිය ජල බෝතල් රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත, මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු මිල දී ගැනීමේ දී සුවිශේෂි රාජ්‍ය වියදම් අවම කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article