හදිසියේ ම ගුවන් යානයේ දොර විවෘත කළ මගියාට සිදු වූ දේ
Monday, 14 February 2022 - 20:03 | Views - 685
1717 ගුවන් යානය ඊයේ ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට වොෂින්ටන් දක්වා පියාසර කර ඇත.

ඉන්පසුව අනපේක්ෂිත ලෙස යානය කැන්සාස් සිටි ගුවන් තොටුපළට හදිසි ගොඩ බස්සවා ඇත. 
 
යානය ගොඩබස්වන්නේ ඇයිද යන්න පිළිබඳව තොරතුරු ලැබුණු විටයි හෙළිවූයේ යානය තුළ කම්පන සහගත සිදුවීමක් සිදුව ඇති බවයි. 
 
යානය පියාසර කරමින් තිබියදී යානයේ සිටි මගියෙක් නියමුවාගේ මැදිරියට ඇතුළු විය. 
 
ඔහු එහි ඇති පාලන බොත්තම භාවිතයෙන් යානයේ දොරක් විවෘත කිරීමට උත්සාහ කළේය. අනපේක්ෂිත ලෙස ගුවන් නියමුවා ඔහුව නැවැත්තුවා. 
 
ගුවන් සේවිකාවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය වහාම පැමිණ පුද්ගලයා පාලනය කිරීමට උත්සාහ කළහ. 
 
ගුවන් සේවිකාවක් එම පුද්ගලයාගේ හිසට පහර දී ඔහු පාලනය කර ඇත. එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යානයේ සිදුවීම තහවුරු කර ඇත. 
 
යානය ගොඩබෑමෙන් පසු සීඅයිඒ විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැගෙන ගියේය. මගියා බීමත්ව සිටියාද, වැසිකිළියක් යැයි සිතා දොර අරින්නට උත්සාහ කළේද, එසේත් නැතිනම් හිතාමතාම එසේ කළේද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top