තෙල් මිලේ සංශෝධනයක් ? (Video)
Monday, 14 February 2022 - 19:42 | Views - 725
2021 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිස් විජේසිංහ පවසනවා.
ඒ අද පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින්.
ඔහු පැවසුවේ 2021ට අදාළ මිල සංශෝධන 2022 සඳහා ගැළපීම සිදු කළ නො හැකි දෙයක් බව යි.
දැනට සංස්ථාව ලබන පාඩු පියවා ගැනීම සඳහා යම් මිල සංශෝධනයක් අවශ්‍ය බව යි ඔහු එහි දී සඳහන් කළේ.
ඩීසල් ලීටරයකින් රුපියල් 50ක් අලාභ බවත් පෙට්‍රල් ලීටරයක අලාභය රුපියල් 17ක් බවත් ඔහු පැවසුවා.
ඒ අනුව මෙම පාඩු පියවා ගැනීම සඳහා යම් මිල සංශෝධනයක් සිදු කළ යුතු බව යි ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටියේ.
Share This Article