වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 18 වන දින පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
2020 සහ 21 වර්ෂවල පැවති කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම විභාගය පැවැත්වීමට නො හැකි වූ අතර, එම වර්ෂවල අයදුම් කළ සියලු දහම් පාසල් ගුරු භවතුන්ට මෙම වර්ෂයට නැවත අයදුම්පත් යොමු කළ හැකියි.
මේ වසරේ මාර්තු මස 15 වන දිනය වන විට අවම වශයෙන් මාස 6ක අඛණ්ඩව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක ගුරු භවතෙකු ලෙස කටයුතු කර තිබීම හා වයස අවුරුදු 18ට වැඩි වීම ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට මූලික සුදුසුකම් වනවා.
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මාර්තු මස 15 වන දා යි.