ආදරවන්තයින්ගේ දිනයට රජයෙන් තෑග්ගක්
Monday, 14 February 2022 - 14:40 | Views - 764
සමෘද්ධි දීමනාව සියයට 28කින් වැඩි කිරීමට රජය ගත් තීරණයට අනුව අදාළ දීමනාව අද (14) දිනයේ සිට ලබාදීමට නියමිතව තිබෙනවා.
සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ඒ සඳහා අමතර රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට රජය මේ වන විටත් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව පෙබරවාරි මාසයේ සිට සමෘද්ධි දීමනාව ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර අද දිනයේ සිට සමෘද්ධි බැංකු මඟින් දීමනාවන් ලබාගත හැකි බව ද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article