දින දින වැඩිවන මරණ සැහැල්ලුවට ගන්න බෑ - වෛද්‍ය හේමන්ත හේරත්
Monday, 14 February 2022 - 11:36 | Views - 1,338
පසුගිය කාලසීමාව තුළ දිනපතා ඇඛණ්ඩ ව වාර්තා වුණු මරණ සංඛ්‍යාවේ සාපේක්ෂව වැඩි වීමක් සිදුවුණා.

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳවත් ගැටලුවක් තිබෙනවා.

අපි ආරක්ෂිතයි කියලා හිතන් ඉන්න පුද්ගලයින් රෝගයට ගොදුරු වෙනවා, රෝග ලක්ෂණ නොපෙන්වන පිරිස් සමග කටයුතු කිරීමේදී තමන්ටත් රෝගය වැලඳී තමුනුත් රෝග ලක්ෂණ නොපෙන්වා නිවෙස් වල සිටින දුර්වල පිරිස්, ඒ වගේම ආරක්ෂා සහිතව ඉන්න අය අධි අවදානම් තත්ත්වයකට පත්වෙලා.

දුර්වල අයට මේ රෝගය වැළඳීම වළක්වා ගැනීමට නම් අපි රෝගය නිවසට ගෙන යෑමෙන් වැළකී සිටීමට කටයුතු කළ යුතුයි.

මියයන පුද්ගලයින් ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ, දුර්වල අය එම නිසා එය අවම කර ගැනීමට අප බූස්ටර් එන්නත ලබාගෙන රෝග‍ය පැතිරීමේ හැකියාව හැකිතාක් අඩු කළ යුතුයි.

එවිට නිවසේ සිටින දුර්වල අය ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

දැනට පවතින තත්වය මත අපට කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ ඇඳන් ධාරිතාව, දරාගන්න පුළුවන්.

ඔක්සිජන් ධාරිතාවත් දැඩිසත්කාර ඇඳන් තත්ත්වයත් තවමත් පවතින්නේ අපට කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේයි.

තුන් වන මාත්‍රාව ලබා ගත්තත් ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන රෝග හා ඖෂධ ලබාගන්නා, පිළිකා රෝගීන් වැනි දුර්වල රෝගීන්ට වැළඳුනහොත් සංකූලතා ඇති වන්නට පුළුවන් අපි ආරක්ෂා කළ යුත්තේ මෙන්න මේ තත්ත්වයයි.

මේ වන විට පළමු එන්නත 70% ඉක්මවා ලබා දීලා තිබෙනවා.

එම පිරිස දෙවන හා තුන්වන මාතාවත් ලබා ගන්නවා නම් අපි ඉලක්කයට පහසුවෙන් ළඟා වන්න පුළුවන්.

පළමු එන්නත ලබාගත් අය දෙවන මාත්‍රාව ලබා ගන්නත් දෙවන මාත්‍රාව ලබා ගත් අය තුන්වන මාත්‍රාව ලබා ගන්නට මැලිකමක් දක්වනවා.

එසේ වුවහොත් අපට සාර්ථක වෙන්න පුළුවන් කමක් නැහැ.

දෙවන මාත්‍රාව ලබා ගත් පිරිස අනුව තුන්වන මාතාව ලබා නොගත් පිරිසක් සිටිනවා දෛනිකව 50,000 පමණ එන්නත ලබා ගැනීමට පැමිණෙමින් සිටිනවා මෙය පවත්වාගෙන යා යුතුයි.

කිසිසේත් මෙම මරණ සැහැල්ලුවට ගන්න බෑ.

දිනකට රෝගීන් දහසක් ඉක්මවා ස්ථිරවම හමුවෙද්දී රෝග ලක්ෂණ නොපෙන්වන නිරෝගී පුද්ගලයින් රෝගය රැගෙන ගොස් දුර්වල අයට ලබා දෙනවා.

රෝග ලක්ෂණ නොපෙන්වන අය පරීක්ෂණ නොකරන නිසා රෝගීන් ලෙස හඳුනා ගන්නට හැකියාවක් නෑ.

රෝගින් හදුනා නොගත්තත් මරණ හංගන්න පුළුවන් කමක් නෑ.

දැනට මේ ඉන්න  රෝගීන්ට වඩා රෝගින් සංඛ්‍යාවක් ඉන්න පුළුවන් අපි අතර නිවෙස් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවත් ඉහළ ගිහින් තියෙනවා ඒ වගේම  නිවෙස් ප්‍රතිකාර ක්‍රමය ඉන්නේ අඩු රෝග ලක්ෂණ සහිතව වුණත් එම සංඛ්‍යාවත් ඉහළ යමින් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top