වැහි ඇඳ හැලෙන දිනයක් ද ? දැනුම්දීම මෙන්න
Sunday, 13 February 2022 - 9:21 | Views - 1,578

බස්නාහිර පළාත ඇතුලු දිවයිනේ පළාත් රැසකට අද (13) දිනයේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ.
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකියි.
කෙසේ නමුත් තද වැසි තත්ත්වය හෙට (14) දිනයෙන් පසුව අඩු විය හැකි අතර නැවති එළඹෙන සතිය අවසානයේ වැසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මාස දෙකකට ආසන්න කාලයක් දැඩි උණුසුම් කාලගුණයක් පැවති දිවයිනේ ප්‍රදේශ රැසකට මෙලෙස යලි තද වැසි ඇති වීමට හේතුව සම්බන්ධයෙන් අප කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධනගෙන් විමසීමක් කළා.
Share This Article