කොළඹ ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට සීමා
Sunday, 13 February 2022 - 9:14 | Views - 445
කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් අද (13) සිට නැවත දැනුම් දෙනතුරු උදෑසන හයේ සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ එහි රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඒ, බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද ආරම්භ කරන බවට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දීමත් සමඟයි.

ඒ අනුව අද උදෑසන හයේ සිට පස්වරු තුන දක්වා කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට මංතීරු එකක් ද, පස්වරු තුනේ සිට පසුදා උදෑසන හය දක්වා කොළඹ දෙසට මංතීරුවක් සහ හොරණ දෙසට මංතීරු දෙකක් ද වශයෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

එමෙන්ම උදෑසන හයේ සිට උදෑසන නවය දක්වා සහ පස්වරු හතරේ සිට රාත්‍රි අට දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහනද පාලම මතින් ගමනාගමනය අත්හිටුවනු ඇති.

එබැවින් එම කාලය තුළ සිදුවන මාර්ග අවහිරතා වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top