කොළඹ ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට සීමා
Sunday, 13 February 2022 - 9:14 | Views - 446
කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් අද (13) සිට නැවත දැනුම් දෙනතුරු උදෑසන හයේ සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ එහි රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
ඒ, බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද ආරම්භ කරන බවට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දීමත් සමඟයි.
ඒ අනුව අද උදෑසන හයේ සිට පස්වරු තුන දක්වා කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට මංතීරු එකක් ද, පස්වරු තුනේ සිට පසුදා උදෑසන හය දක්වා කොළඹ දෙසට මංතීරුවක් සහ හොරණ දෙසට මංතීරු දෙකක් ද වශයෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එමෙන්ම උදෑසන හයේ සිට උදෑසන නවය දක්වා සහ පස්වරු හතරේ සිට රාත්‍රි අට දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහනද පාලම මතින් ගමනාගමනය අත්හිටුවනු ඇති.
එබැවින් එම කාලය තුළ සිදුවන මාර්ග අවහිරතා වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article