භයානක අලුත්ම "ලාසා වෛරසය" -
Saturday, 12 February 2022 - 12:35 | Views - 761
බටහිර අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින "ලාසා වෛරසය" ආසාදනය වූ බ්‍රිතාන්‍යය වැසියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ අද නිවේදනය කර සිටිනවා.

බටහිර අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු නැවත සිය මව්රට බලා පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජාතික පවුලක සාමාජිකයින් තිදෙනෙකුට " ලාසා වෛරසය" ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ නයිජීරියාව ඇතුළු බටහිර අප්‍රිකානු කලාපයේ රටවල් තුල "ලාසා වෛරසයේ" ව්‍යාප්තියක් ඉකුත් සති දෙකක කාලය තුලදී ඉස්මතු වෙමින් පවතින බවයි. 
 
බටහිර අප්‍රිකාවේ වෙසෙන Natal Multimammate සිටින මීයන් හරහා ව්‍යාප්ත වන "ලාසා වෛරසය", ලාසා උණ ලෙස හඳුන්වන උග්‍ර වෛරස් රක්තපාත උණ පළමු වරට වාර්තා වුයේ 1969 වර්ෂයේදීය. 
 
Natal Multimammate මියන් ඇතුළු සෙසු මියන් ද වෛරස් වාහකයින් ලෙස හඳුනාගෙන ඇත. 
 
මෙම වෛරසය ආසාදනය වන පුද්ගලයින් ගෙන් 10-15% ක් අතර පිරිසකට මරණයට පත්වීමේ සම්භාවිතාවක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top