පළමු සිංහ කැන්ගරු සටනේ නවතම ආරංචිය
Friday, 11 February 2022 - 13:40 | Views - 504
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගන්නට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ලබා දීමට යි.

මේ තරගය පැවැත්වෙන්නේ, සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අද සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 18 වැනි පන්දුවාර විස්ස තරගය යි.

මේ දක්වා පැවැති තරගවල දී ජයග්‍රහණ 9ක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සතු කරගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 8ක්.

අද තරගය සඳහා කොවිඩ් 19 ආසාදනය වූ කුසල් මෙන්ඩිස් එක් නොවන අතර ඔහු සිදු කළ කඩුල්ල පසුපස රාජකාරිය දිනේෂ් චන්දිමාල්ට පැවරෙන බවයි ඔස්ට්‍රෙලියාවෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර අද තරගය පැවැත්වෙන SCG ක්‍රීඩාංගනය ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වන බවත් වාර්තා වනවා.

විරෝධතා පුවරු සහ බැනර් තබාගෙන සිටින ඔවුන් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාව විසින් සිදු කළ සිදුකර ඇති දෙමළ සමූල ඝාතනය සැඟවීමට ඉඩ නො දෙන ලෙස යි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top