වර්ජනයෙන් හයක් Missing
Friday, 11 February 2022 - 9:57 | Views - 642

සෞඛ්‍ය වැඩ වර්ජනය අතරතුර අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හයදෙනකු රෝහලෙන් පැනගොස් තිබෙනවා.පැනගොස් ඇති සියලූ දෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් පිළිබඳ ඊයේ (10 දා) වනවිටත් කිසිදු තොරතුරක් නොලැබුණු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.මේ වනවිට අංගොඩ රෝහලේ දහසකට අධික පිරිසක් වාට්ටු හතළිහක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ දිනවල හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් සෞඛ්‍ය සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙන හෙයින් නේවාසික රෝගීන් බලාගැනීම සඳහා ප්‍රමාණවත් පිරිසක් නොමැති වීමෙන් මෙම හයදෙනා රෝහලෙන් පැනගොස් ඇති බවටයි වාර්තා වන්නේ.මොවුන්ට නිවාසවලට යෑමට හැකියාව නොමැති නිසා ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම පොලිසියට හෝ අංගොඩ රෝහලට දැනුම් දෙන ලෙසයි රෝහල වැඩිදුරටත් සඳහන් කළේ. පැනගිය රෝගීන් හයදෙනා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ඒ අය පොලිසියට භාරදීමට පෙර රෝහලෙන් පැන ගිය පිරිස බවට පොලිසිය දැනුවත් කිරීම අතිශය වැදගත් බවත් නැතිනම් ඔවුනගේ අන්‍යනතාව නොදැන පොලිසිය වෙතත් පියවර ගත හැකි බවත් රෝහල්ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.උපුටා ගැනීම - දිවයින
Share This Article