ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට පත් කල කමිටුව අද ප්‍රථම වරට රැස් වනවා.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී යි.
ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය දා පියවර ගත්තා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළදපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබද නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පවරා තිබුණා.
ඒ අනුව යි අද ප්‍රථම වරට මෙම කමිටුව රැස් වන්නේ.
ඒ සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ඇතුලු තවත් පාර්ශව කිහිපයක් එක් වීමට නියමිත යි.