'හිරු නිවුස්' නව පිටුවක් පෙරළයි (Video)
Friday, 11 February 2022 - 7:40 | Views - 714

ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති කලාව නව මානයක් කරා ඔසවා තැබූ මෙරට වැඩි ම පිරිසක් නරඹන ප්‍රවෘත්ති විකාශය වන හිරු නිව්ස් අද සිට නව පරිච්ඡේදයක් අරඹනවා.
ඒ අනුව, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ව ජනතා කේන්ද්‍රීය ප්‍රවෘත්තිකරණයේ පුරෝගාමියා බවට පත්වෙමින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවෘත්ති විකාශයක් සුවහසක් හිරු ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන්නට හිරු ටී.වී අද සිට සූදානම්.
දශක ගණනාවක් ඈතට දිව යන ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රවෘත්ති කලාව විප්ලවීය වෙනසකට මුල පුරන්නේ, හිරු ප්‍රේක්ෂක ජනතාවට ගෙන ආ නවමු අත්දැකීම සමඟ යි.
තොරතුරු සන්නිවේදනයේ ප්‍රමිතිගත සහ නිවැරැදි ම ක්‍රමවේදය හඳුනා ගනිමින් රාත්‍රී 6.55ටත් රාත්‍රී 9.55ටත් හිරු නිව්ස් ජනතාව අතරට පැමිණියේ, සිය ඍජු ප්‍රතිපත්තිවලට මුල්තැන ලබාදෙමින්.
නිරවද්‍යතාව සහ ආකර්ශනීය බව සමඟ ජනතා පුවත් පිපාසය සංසිඳුවීම හේතුවෙන් නොබෝ කලකින් ම ප්‍රේක්ෂක ජන මනස තුළ ලැගුම් ගන්නට අපට හැකි වුණා.
දේශපාලන මතිමතාන්තරවලින් ඔබ්බට ගොස් ජනතා ගැටලු රට හමුවේ තබමින් අප නිරන්තරයෙන් ප්‍රදර්ශනය කළේ, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම්වල වටිනාකම යි.
නගරයෙන් ඈත හුදෙකලා ජිවිත ගෙවන ජනතාවගේ ගැටලු වෙනුවෙන් අප හඬ නැගුවේ වරක් දෙවරක් නො වේ.
මෙරට අංක එකේ ප්‍රවෘත්ති විකාශය බවට හිරු නිවුස් විරුදාවලි ලබන්නේ, එකී මෙහෙවරට ලැබෙන වටිනාකමක් වශයෙන්.
ඉන් පසු මධ්‍යාහ්න පුවත් විකාශයක් ද අරඹමින් හිරු නිව්ස් සිය ප්‍රවෘත්ති මෙහෙයුම පුළුල් කළා.
එතැන් පටන් මෙරට සෑ ම ප්‍රවෘත්ති විකාශයක ම අප පෙරමුණේ පසුවන්නේ, නිරන්තර ව ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් රට හමුවේ බොහෝ දේ හෙළිකරමින්.
ජනතාවගේ බත්පතට වැලි දැමූ ජාවාරම් රටේ ආරක්ෂාව අනතුරේ හෙළිය හැකි අවදානම් තත්ත්වයන්වල බැරෑරුම්කම මෙන්ම, ලක් මව ලැබූ ජයග්‍රහණවල විශිෂ්ටත්වය ද ඒ අතර වුණා.
ජනතා කේන්ද්‍රීය ප්‍රවෘත්ති ප්‍රකාශයක ගුණ සුවඳ සුරකිමින් අප ඔවුන්ගේ හඬට කන් දුන්නා පමණක් නො ව, ඒ හඬට වටිනාකමක් දෙමින් අදාළ පාර්ශවයන්ගේ අවධානය ඒ වෙත යොමු කරවීමටත් අපට නිබඳ ව හැකි වුණා.
Share This Article