කාලගුණයේ විශාල වෙනසක් අද
Friday, 11 February 2022 - 7:16 | Views - 594
අද දවසේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අහස වලාකුළුවලින් බර ව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි යි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනු ඇති.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ෛල්ලා සිටින්නේ.
Share This Article