සමාජ මාධ්‍යය භාවිතා කරන්නන් ගැන අමුතුම හෙළිදරව්වක්
Thursday, 10 February 2022 - 11:11 | Views - 642
අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගතකිරීම මගින් සැබෑ ලෝකය සමග සහසම්බන්ධතාව පවත්වා ගැනීමට ඇති කාලය අඩුවන බව අමෙරිකානු මානසික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ට්විටර්, ෆේස්බුක් සහ ප්රින්ට්රෙස්ට් වැනි සමාජ මාධ්‍ය ජාල බොහෝ දෙනෙකුට තනිකම පිළිබඳ හැඟීම වැඩිකිරීමට හේතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩිවන බව සමීක්ෂණ වාර්තාව මගින් හෙළි වී තිබෙනවා.
අනෙකුත් පුද්ගලයන් තමන්ගේ ජීවිත පිළිබඳ කරන මනෝමය හුවා දැක්වීම් යමෙකු තුළ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට හේතුවක් වන බව ද එහි සඳහන්.
Share This Article